බූස්ටර් එන්නත මෙරට ජනතාවටට ලබාදීම ආරම්භ කිරීම රට ලැබූ ජයක් – සෞඛ්‍ය ඇමති

0
437

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක්  තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක්  ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට  බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විශේෂයෙන් මේ වන විට එවැනි එන්නත් වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ ලොව රටවල් දෙක තුනක් පමණක් යැයිද  අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම අද (01) ආරම්භ කිරීම අවස්ථාවට එක්වෙමිනි.

මෙහි පළමු පියවර යටතේ සෞඛ්‍ය  කාර්ය මණ්ඩල සඳහා  මෙම එන්නත ලබා දෙන අතර එයට අමතරව  ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් හා කොවිඩ් පාලන ක්‍රියාවලියේ  ඉදිරිපෙළ පිරිස් සඳහා  එන්නත්කරණය සිදු කෙරේ.

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක්  තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක්  ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට  බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට  හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විශේෂයෙන් මේ වන විට එවැනි එන්නත් වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ ලොව රටවල් දෙක තුනක් පමණක් යැයිද  අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here