බෙයිජිං සීත සෘතු ඔලිම්පික් උළෙලෙනුත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙයි

0
278

බෙයිජිං සීත සෘතු උළෙලට සහභාගී වන්නන් අතරින් ද කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ආරම්භ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උළෙලේ සංවිධායක කමිටුව සදහන් කර ඇත්තේ මේ වනවිට ඔලිම්පික් උළෙළට සම්බන්ධ වූවන් අතරින් කොරෝනා ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් 08 දෙනෙකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව ද සදහන් වෙි.

බෙයිජිං සීත සෘතු ඔලිම්පික් උළෙළ අද සිට පෙබරවාරි 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

උළෙල සම්පූර්ණයෙන්ම කොවිඩ්වලින් තොරව පවත්වාගෙන යාමට චීන බලධාරීන් දැඩි උත්සහයක් දරුවද මේ වනවිට එය දැඩි අභියෝගයකට ලක්ව ඇති බව එරට වාර්තා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here