Friday, September 20, 2024

බෙලරුස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අගමැති දැනුම්දෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඒ බව දැනුම්දුන් බවය.

බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 1,500කට ආසන්න පිරිසක් නියෝජනය කරමින් එම
දෙමාපිය එකමුතුව
අග්‍රාමාත්‍යවරයාගෙන්
කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් එම දැනුම් දීම කර තිබේ.

ඒ අනුව බෙලරුස්හි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 1,600ක පමණ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙලරුස් රාජ්‍යට ආසන්නයෙන්ම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔස්සේ දැනට සිදුවෙමින් පවතින බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අදාළ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරමින් අධ්‍යන සැලසීමටත් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles