බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ජීව අත්බෝම්බයක්

0
284

බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේ, අද පෙරවරුවේ බෙල්ලන්විල විහාර භූමිය පවිත්‍ර කටයුතු කරමින් සිටි අයකුට එම අත්බොම්බය හමුවී ඇති බවය.

මෙම අත්බෝම්බය කිසියම් අයකු විසින් විහාර භූමියට පිටතින් සිට විසිකරනු ලබන්නට ඇති බවට සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙය මේ වන විටත් ජීව තත්ත්වයේ පසුවුවද, එහි කොටස්වල මළ බැදී ඇති බවත් කලකට පෙර එම ස්ථානයට එය ගෙනැවිත් දමන්නට ඇති බවත් විශ්වාස කරන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here