බෙල්ලන්විල විහාරයේ ‘මියන් කුමාර‘ ඇත් පැටවා කැලයට මුදාහරිනවාද නැද්ද ?

0
536

බෙල්ලන්විල රජ මහ විහාරයට මියන්මාර් රජයෙන් පරිත්‍යාග කරන ලද ‘මියන් කුමාර‘ නම් ඇත් පැටවා නැවත කැලයට මුදාහැරීමට යටත්ව උඩවලව අලි අනාථාගාරයට දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මේ මස දහ අට වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය (05) තීරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මේ පෙත්සම කැඳවනු ලැබිණි

විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මේ පෙත්සම ගොනු කර තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරිය බණ්ඩාර, පොලිස්පති චන්දන වික්‍රමරත්න, බෙල්ලන්විල රජ මහ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමි මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here