බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බෙලිඅත්ත පොලීසිය විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපෘතියක් සඳහා රැගෙනආ GI බට 11ක් සම්බන්ධයෙන් සිදුවූ වංචාවක් සම්බන්ධයෙනි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සිරිල් මුණසිංහ නමැති බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ 67 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකු වන පියදාස මුණසිංහ නමැතිතෙකි.
බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත. පසුව සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.




