බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

0
682

බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

පසුගියදා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයින්ද පරීක්ෂණයට භාජනය කර තිබේ.

ඒ අනුව ඔවුන් සියලුදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here