බොක්සින් ලොව කිරුළු පලන් මොහමඩ් අලී අවසන් ගමනේ..

0
532

අභාවප්‍රාප්ත වූ ප්‍රකට බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ කෙන්ටකී, ලුවිස් විල් හිදී සිදුකර තිබේ.

ඒ සඳහා දහස් ගණනක පිරිසක් සහභාගී වී සිට ඇති බව සඳහන්ය.

එහිදී මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමිකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද අදහස් දක්වා ඇත.

මොහොමඩ් අලීගේ බිරිඳ වන ලොනී අලී ප්‍රකාශ කර ඇත්තේ මොහොමඩ් අලී නීති රීතිවලට අකමැති නම් ඔහු විසින් ඒවා නැවත සකස් කෙරුණු බවයි.

ඔහුගේ ආගම, ඔහුගේ විශ්වාසයන් ද එසේ සකස් කරගත් බව ඇය ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවට සහභාගී වූ ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු නිදහස් මිනිසෙකු බවයි.

මොහොමඩ් අලී තම ඉලක්කයන් නොබියව සපුරාගත් පුද්ගලයෙකු බව බිල් ක්ලින්ටන් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මොහොමඩ් අලීගේ දේහය කේව් හිල් සුසාන භූමියේදී භූමදානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here