යලි පිබිදෙන කූරගල මහා පුදබිමේ කඨීන චීවර පුණ්‍ය මෞලි මංගල්‍යය නිමිති කොට ගෙන පවත්වන්නට යෙදුණු දහවල් ත්‍රෛනිකායික මහා සංඝරත්නයට දන් පිළිගැන්විම සහ කඨීන චිවර පූජාව ඊයේ (07) කූරගල රජමහා විහාරස්ථානයේ දී පැවැත් විය.
අද කූරගල රජ මහා විහාරස්ථානයෙහි කඨින පූජෝත්සවය මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ (07) බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක්ගේ එකතුවෙන් පැවැත්විය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ එම මැතිණිය, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ එම මැතිණිය, බලංගොඩ ප්‍රාදේශිය සභා සභාපති සුනිල් ප්‍රේමසිරි, මාස්ටර්ගයිඩ් ආයතනයේ අධිපති දිස්නා වනිගසේකර මහත්මිය, ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් ඇතුළු පිරිසක් සහභාගී විය.
පසුගිය සමයේ කූරගල බෞද්ධයින්ට තහනම් භූමියක් බවට පත්ව පැවැති අතර මුස්ලිම් අන්තවාදී බලපෑම් නිසා එවක පාලකයින් විහාරස්ථානයට විදුලිය ලබා දීම පවා ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වුව ද මේ වන විට කූරගල අංගසම්පූර්ණ විහාරස්ථානයක් ලෙස නැවත ජීවය ලබා තිබේ. එහි ඇති ශිලා ලේඛන අනුව කූරගල රහතුන් වහන්සේලා පවා වැඩ වාසය කළ ලංකාවේ මුල්ම යුගයේ බෞද්ධ පුදබිමකි.



































