බොරතෙල් නැව් දෙකක් ලබන මස දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි

0
364

බොර තෙල් රැගත් නෞකා 2ක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව බොරතෙල් රැගත් පළමු නෞකාව දෙසැම්බර් 10 වන දින මෙරටට ළගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් නෞකාව දෙසැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ජනවාරි මාසයේදීද තවත් නෞකාවක් බොරතෙල් රැගෙන දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here