බොරතෙල් මිලදී ගන්න නයිජීරියාවෙි පිහිට පතයි

0
319

නයිජීරියාවෙන් දිගු කාලීන ණය පහසුකම් යටතේ බොරෙතෙල් මිලදී ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව දීගු කාලීන ණය පහසුකමි මත ශ්‍රී ලංකාවට බොරතෙල් සපයා දෙන ලෙස නයිජීරියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ පිළිබඳ සිය අමාත්‍යාංශයේදී නයිජීරියානු මහ කොමසාරිස් අහමඩ් සුලේ සමඟ සාකච්ඡාවෙිදී මෙම ඉල්ලීම සිදු කර තිබෙි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පත්ව සිටී.

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයකට පත්ව සිටින අතර දීර්ඝකාලීන ණය පදනම් මත ඉන්ධන ලබා ගැනීමට රටවල් කිහිපයක් සමග සාකච්ඡා දැනටමත් පැවැත්වෙමින් තිබෙන බව මීට පෙරද වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here