Thursday, January 23, 2025

බෝම්බ ගහපු සහරාන්ගේ දුරකතනය රට යවලා – දයාසිරි හෙළිකරයි

2019 පාස්කු ඉරු දින ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් සහ කතෝලික පල්ලි ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිතා කර ඇති ජංගම දුරකථනයේ Motherboard එක සහ අනෙකුත් කොටස් විදේශීය ඔත්තු සේවාවක් විසින් ගෙනයාම පිළිබඳව වහාම පරීක්ෂණයක් කළ යුතු බවට බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද කතා කරන්නේ දේශපාලන වශයෙන් පහර දිය හැකි අය සම්බන්ධයෙන් පමණක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධි අංශ නිලධාරීන් අල්ලගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව ද සඳහන් කළා.

ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දුරකතනය කොහේ හෝ රටක ඔත්තු සේවාවක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සහ එයට අණදුන් දේශපාලනඥයින් සොයා බැලුවහොත් එයට සම්බන්ධ අය සෙවිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එතුමා තවදුරටත් පවසා සිටියේ එවැනි විශේෂිත පරීක්ෂණයක් මඟින් පමණක් අදාල ප්‍රහාරයේ මහ මොළකරු සහ ඔහු ආගිය තැන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකි බවයි.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලදී පෙරේදා (28) පැවැති ලේ දන්දීමේ කඳවුරක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කාබනික පොහොර හා ආනයනය කිරීම හරහා ශ්‍රී ලංකාව භයානක අඩියකට තල්ලු වෙමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

සමඟි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම  මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක ගමනක් යන්න සූදානම් වෙන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත්, ඔහුට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ එක්විය හැකි බවත් හෙතෙම පැවසීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ ඉදිරියට යාමට පක්ෂය සූදානම් බවත් පක්ෂයේ කවුරුත් බණ්ඩාරණායක නම විකුණා නැති බවත් ජයසේකර මහතා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය

“දැන් වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන,දැන් කතා කරන්නේ දේශපාලන වශයෙන් පහර දෙන්න පුළුවන් කට්ටිය ගැන.මෛත්‍රී ජනාධිපතිතුමාව අල්ලගන්න බලනවා.බුද්ධි අංශ නිලධාරීන් අල්ලගන්න බලනවා.බුද්ධි අංශ නිලධාරීන්ට ගිහිල්ලා වෙපන් අරන් කාටවත් වෙඩි තියන්න බෑ.ඔහුන් කරන්නේ තොරතුරු සපයන එක පමණයි.දැන් කවුරුත් කතා කරලා තියෙනවද සහරාන්ගේ පෝන් එකේ තිබ්බ තිබ්බ Motherboard එක්ක කවුද ගත්තේ කියලා..?නියෝග දුන්නා ඒක අරගෙන වෙනත් රටකට යන්න.බෝම්බ ගහපු මිනිහගේ පෝන් එකේ නේ තියෙන්නෙ සියලු දේවල් ටික”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles