බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය මුදා නොගත් කලාපයක් වෙයි!

0
439

හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.

එහි නේවාසිකාගාරවල සිටින සිසුන් ඊයේ (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු අතර, නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.

සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ.

විභාග අසමත් වෙමින් දිගින් දිගටම නේවාසිකාගාර වල රැඳී සිටින ඇතැම් ශිෂ්‍යයන් නිසා මෙහි කටයුතු පවත්වාගෙන යාම අසීරු බවත් මෙය මුදා නොගත් කලාපයක් ලෙස හැඳින්විය හැකිබවත් උන්වහන්සේ පවසති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here