භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගලට එරෙහිව ජාතික සංවිධාන එකමුතුවෙන් පැමිණිල්ලක්

0
276

යුගදනවි බලාගාර ගනුදෙනුවේ සිදුව ඇති දූෂණයන් සම්බන්ධව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට එරෙහිව අද (07 ) කොළඹ 7 පිහිටි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඒ සඳහා තමාද ඇතුළුව ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් වන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, නීතිඥ කල්‍යානන්ද තිරණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ප්‍රිමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගීවීමට නියමිත බවද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අප වෙත පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here