Friday, December 27, 2024

භාණ්ඩ රැසක මිල ඉහළ ගිහින්

සාමාන්‍යකරණයට ලක්වුවද විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ භාණ්ඩ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි අයවැය තුළින් මිල සාමාන්‍යකරණය කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ හොත් අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වන බවය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ,

“තොග මිල මම මේ කියන්නේ, රුපියල් 585ට තිබ්බ කම්බි දැන් 800ක්. 880වට තිබ්බ සිමෙන්ති දැන් 1100යි. රුපියල් 1,800ට තිබ්බ වයර් 3,500 වෙලා. අපි කියන්නේ මේ මේ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා අයවැය තුළින් වැඩපිළිවෙලක් හදන්න වෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles