Tuesday, January 14, 2025

භාරතීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් දිවි ගමනට සමුදෙයි

භාරත රත්න සම්මානලාභී ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ඊයේ රාත්‍රියේ බහු අවයව අකර්මන්‍යතාවයකට ලක්ව ඇති අතර අනතුරුව මුම්බායිහිදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

පසුගිය ජනවාරි මසදී කෝවිඩ් නිවුමෝනියා තත්වය නිසා ඇය මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදි. එහිදී සති කිහිපයක් ඔක්සිජන් යන්ත්‍ර මගින් ප්‍රතිකාර කරනු ලදුව පසුගිය 28 දින වනවිට ඇයගේ ත්ත්වය යහපත් වූ නිසා ඔක්සිජන් යන්ත්‍ර ඉවත් කර දැඩිසත්කාර ඒකකයේම තබා ප්‍රතිකාර කරන ලදි.

සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, ඊයේ (05) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී ම ඇයගේ තත්ත්වය බරපතළ වී තිබූ බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් අද උදෑසන 8.12 පමණ ඇය මිය ගිය බව බ්‍රීච් කැන්ඩි රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී එන් සන්තානම් මහතා පැවසීය.

සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, මිය යන විට 92 හැවිරිදි වියේ පසුවූවා.

92 වැනි වියේ පසුවූ ලතා මංගේෂ්කාර් මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ශිවාජි උද්‍යානය වෙත රැගෙන යාමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී.

ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා සුවහසක් ජනතාවගේ සවන් අතර තවමත් රැව්දෙන ඉමිහිරි ගීත විශාල සංඛ්‍යාවක් සිය ජීවිත කාලය තුළ ලතා මංගේෂ්කාර් විසින් ගායනා කර තිබිණි.

ඇයගේ මතකය සදා නොමියෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles