ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතායෙන් ඉවත් කරනු ලැබු දුම්රිය මැදිරි 200 ක් නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට එක් කිරිමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 140 හා S8 බලවේග කට්ටල 60 ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ.
මෙම ව්‍යාපෘතියේ මුලු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 2388 කි.එක් මැදිරියක් සදහා ඇස්තමේන්තු ගත මුදල ලෙස රුමේනියානු මැදිරියක් සදහා රුපියල් මිලියන 13.1 හා S8 බලවේග කට්ටල මැදිරියක් සදහා රුපියල් මිලියන 9.1 වේ. මේ වන විට අලුත්වැඩියාවන් සිදුකර රුමේනියානු මැදිරි 138 හා S8 මැදිරි 52 ක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත බාර දි ඇත.
ඉතිරි මැදිරි මේ වර්ෂයේ මැයි 15 දිනට ප්‍රථමව අලුත්වැඩියාවන් සිදුකොට දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලිම සදහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අංගනයට ගොස් මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලු අතර ඉදිරියෙදි තවත් දුම්රිය මැදිරි 100 මේ අයුරින් ප්‍රතිසංස්කරණය කිරිම සදහා කැබිනට් අනුමැතිය ලැබි ඇති බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට කටයුතු යොදන ලෙස ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරින් හට උපදෙස් ලබා දුන්නේය .
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, තන්ත්‍රි සමාගමේ සභාපති අතුළු හපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් සහ තන්ත්‍රි සමාගමේ සේවක මහතුන්ද සහභාගි වුහ.


