Monday, September 23, 2024

භාවිත නොකරන ලද ගෑස් සිලින්ඩර් නැවත කැඳවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්‍රො සමාගමට නියෝග කරයි

දෙසැම්බර් 04 වන දිනට පෙර අලෙවි කර ඇති පොලිතින් මුද්‍රා ඉවත් නොකරන ලද (භාවිතා නොකළ ) ගෑස් සිලින්ඩර් යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට උපදෙස් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.

ඒ අනුව දෙසැම්බර් 04 වැනිදාට පෙර නිවාස හා වෙළඳසැල් සදහා බෙදාහැර ඇති මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට නියෝග කර තිබෙනවා.

එනම් නිල් පැහැති මුද්‍රාව ඇති ගෑස් සිලින්ඩර වේ.

එම නියමය අනුව දැනට නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත්කළ යුතුය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නියෝග කර ඇත්තේ දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති ,පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙසය.

මෙි අතර දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයාබැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව මාධ්‍යයට ඊයේ(07) නිකුත් කෙරුණා.

එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම්තාක් දුරකට වැඩි වී ඇති බවටයි.

ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක්නොවූ ගෑස් ලිප්වලට හානිවීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරි‍ය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles