Monday, September 23, 2024

භූමිතෙල් ඉල්ලුම හොඳටම වැඩිවෙලා – ඇමති ගමිමන්පිල

වෙළඳ පොලේ භූමිතෙල් ඉල්ලුම දෙගුණ වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මේ දිනවල භූමිතෙල් ලීටර් 550 ක් පමණ දිනකට අලෙවි වන බවත් ගෑස් මිල නිසා ආහාර පිසීමට භූමිතෙල් යොදා ගැනීම විශාල ලෙස වැඩිවි ඇතැයි ද කී අමාත්‍යවරයා ඞීසල් හා භූමිතෙල් අතර මිලෙහි ඇති පරතරය නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ද කීය.

මේ වනවිට කම්හල්වල යන්ත‍්‍රසූත‍්‍ර උදුන් බෝට්ටු පමණක් නොව බස්රථ පවා භූමිතෙල් මඟින් ධාවනය කරන තැනට පත්ව ඇතැයි ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම ගෑස් හා භූමිතෙල් අතර ඇති අධික මිල පරතරය නිසා ආහාර පිසීම සඳහා ගෑස් උදුන් වෙනුවට භූමිතෙල් උදුන් භාවිතා කිරීමට ජනතාව පෙළඹීම තවත් හේතුවක් යැයි ද ගම්මන්පිල මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles