Sunday, September 22, 2024

“මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ අගමැතිගේ සල්ලි හොරකම් කළ උදිත් හෙවත් මෝඩ යකා” – මධූෂා රාමසිංහ හෙළි කරයි

මේ දිනවල මෝඩ යකා නමින් හැඳින්වෙන අග්‍රාමාත්‍යවරයාගේ වැටුප සොරකම් කිරීමට චෝදනා එල්ල වී සිටින පුද්ගලයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ පවසයි.

පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමට නම් එසේ ලිංගික අල්ලස් ලබා දෙන ලෙස අදාළ මෝඩ යකා සහ මෑතක දී ආන්දෝලනාත්මක ලෙස සභාපති ධුරයකට පත් වූවෙක් ඉල්ලා සිටි බව ඇය සඳහන් කරයි.

තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර කරන ලෙසත් ලස්සන එවිට බවත් ඔවුන් පැවසූ බවද ඇය පවසයි.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles