මගේ ඇමතිකම කිසි සේත්ම අවදානමක නෑ. වෙනස් මතයක් දරන්න බැරිනමි එය තම දේශපාලනයට කරගන්න හානියක්

0
277

කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය තම දේශපාලනයට කරගන්නා හානියක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කිරීම හෘද සාක්ෂියට ද පටහැනි යයිද එම වෙනස් මතය පළ කිරීම වරදක් යැයි කිසිවකු කියන්නේ නම් ඒ ගැන සාකච්ඡා කළ හැකි බව ද ඔහු පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියකු විමසන්නේ ඔබතුමාගේ ඇමැතිකමත් දැන් අවදානමද යනුවෙන්, එවිට ඇමති වාසු කියන්නේ මගේ ඇමතිකම කිසි සේත්ම අවදානමක නැති බවයි.

විමල් ගම්මන්පිල වාසු යන ඇමතිවරු කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here