Wednesday, January 15, 2025

මගේ පාලන කාලය තුළ රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා

“මගේ අවුරුදු 05 දී උතුරේ ජනතාවට විශාල වැඩ කොටසක් කළා.උතුරු නැගෙනහිරට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා උතුරු නැගෙනහිර වෙනම වැඩකොටසක් කලා.මේ රටේ සංවර්ධනය දකුණට විතරක් සීමා වෙලා තිබුනේ. 2015 මගේ ජයග්‍රහණයෙන් මේ රටේ සියලුම පක්ෂ වල දේශපාලඥයින්ගේ ඇස් ඇරුණා. ඊට පස්සේ තමයි හැම දේශපාලන නායකයෙකුටම හිතුනේ උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණේ ජනතාවට වගේම සංවර්ධනයට අත දෙන්න ඕන කියලා.

උතුරේ ජනතාව කෘෂිකර්මාන්තයට දක්ෂයි.මේ උතුරේ යාපනයේ ගොවි ජනතාවත් එක්ක රටේ අනෙක් අයට හැප්පෙන්න බෑ, දක්ෂම ගොවියෝ ඉන්නේ උතුරේ විශේෂයෙන්ම යාපනයේ .

අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා, ඒ ප්‍රශ්න මුළු රටේම ජනතාවට තියෙනවා. රටේ විශාල ආර්ථික අර්බුධයක් තියෙනවා, රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුධයක් තියෙනවා, ගොවි ජනතාවට වැඩ කරන්න පොහොර නෑ, ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක් වෙලා තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා ඒ තත්වය ඇති වී තිබීම ගැන.

මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ.රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා.බඩු මිල පහත වැටිලා තිබුණා, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇති කර ගෙන තිබුණා.මුළු ලෝකයේම රාජ්‍යය නායකයින් සියලු දෙනාම මම මිත්‍ර කර ගෙන තිබුණා.එ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහය දුන්නා. මම සිංහල, දමිළ, මුස්ලිම්,බර්ගර් සියලු ජාතීන් අතර සමඟිය ගොඩනැගීමට විශාල වැඩකොටසක් කළා.

හොරකම නැති දූෂණය නැති දේශපාලන නායකයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදිව ඉදිරියට ගෙනයනවා. මේ රටට අවශ්‍ය වන්නේ හොරකමෙන් දූෂණයෙන් තොර පාලනයක්. පසුගිය අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලනඥයෝ හොරකමට පුරුදුවෙලා ජනතාවගේ දේවල් හොරකම් කරනවා, පොදු සම්පත් හොරකම් කරනවා. ඒ නිසා මේ අසරණ පොදු ජනතාවට වැඩකරන නායකයින් අවශ්‍යයි. අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්න මුළු රටේම ජනතාවට තියෙනවා. රටේ විශාල අර්ථික අර්බුදයක් තිබෙනවා. රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුදයක් තියෙනවා. ගොවි ජනතාවට ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක්වෙලා තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා ඒ තත්ත්වය ඇතිවී තිබීම ගැන. මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් තිබුණේ නැහැ. රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා. බඩු මිල පහත වැටිලා තිබුණා. ඒ වගේම මුළු ලෝකයේ නායකයින් සියලුදෙනාම මිත්‍ර කරනගෙන තිබුණා. ඒ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහාය දුන්නා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙි බව ප්‍රකාශ කර සිටියේ යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට සහභාගී වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles