Sunday, September 22, 2024

“මඟනැගුම” මූල්‍ය වංචා විමර්ෂන ආරම්භ කෙරේ…

පෙරේදා 15දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මෙනෙවිය හමුවේ කරුණු දක්වමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කර සිටියේ, මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මේ අනුව, නඩු 03ක් යටතේ මූල්‍ය විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව සඳහන් වෙනවා.

නඩු අංක බී 54102/05 යටතේ, 2011 වර්ෂයේ දී අංක GP 2400 දරණ කොන්ක්‍රීට් ජෙවර් රථයක් ඇඩියන් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමට මිලදී ගැනීමේ දී ඇස්තමේන්තු මුදල වූ රුපියල් 37,536,999.55ක් ලෙස නම්කර තිබිය දී රුපියල් 37,907,243.55ක මුදලක් ගෙවා ඇති බවත් ඒ අනුව එම රථය සඳහා වැඩිපුර මුදල් රුපියල් 37,370,240.20ක් ගෙවා ඇත.

නඩු අංක බී 45002/05 යටතේ, 2014 වසරේ ජූලි මාසයේ 04 වෙනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඩේන්ජරස් කාගෝ ඇතිරීමක් සම්බන්ධව රුපියල් 1,096,000ක මුදලක් මග නැගුම මාර්ග ඉදිකිරීම් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොගෙවා ඇත.

නඩු අංක බී 54100/05 යටතේ, 2011 වර්ෂයේ මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් අයථා අන්දමින් $679753ක මුදලක් වැයනර කොන්ක්‍රීට් ඇතිරීමක් කළ බවත් මිලියන 10ක් වැයකර ස්කැවේටර් යන්ත්‍රයක් මිලදී ගැනීමක් කර එම යන්ත්‍රය කඩුවෙල කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළුගල් කැණීමේ කටයුත්තකට පිටස්තර පුද්ගලයෙකු වන ලාල් ප්‍රියන්ත පීරිස් යන අයට ලබාදී ඇත.

බැංකු කිහිපයක ගිණුම් පරීක්ෂාවට සහ අදාළ තොරතුරු ලබා ගැනීමට අධිකරණ අවසරය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට හිමිව ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඒකක 7 ස්ථානාධිපති ප්‍ර. පො. ප අනුර ප්‍රේමරත්න මහතා විසින් මෙම නඩු පවරා ඇති බව සඳහන් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles