මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි!

0
323

එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබේ.
එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබේ.

මෙම පත්වීම සෑම ජනවර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක්ය යන්න අමාත්‍යවරයාගේ මතය බව සඳහන්ය.
මුස්ලිම් සමාජයේ ආගමික නායක මවුලවිවරුන් අමාත්‍යවරයා වෙත සිය දැඩි විරෝධය දැක්වීමෙන් පසු ඔහු සිය විරෝධය රජයට දැනුම් දී ඇත.


මෙම කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුවහොත් තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි


මේ අතර ගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම පත්වීම ගැන පක්ෂ නායකයන් ගණනාවක් සිය අකමැත්ත පලකර තිබිණි.

Deshaya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here