මට කිලෝමීටර් ගණං දුවන්න බැරි නිසා මම ගෙදරට වෙලා ඉන්නවා.. හැබැයි මම එක අභියෝගයක් කරනවා… පුළුවන් නං එන්න – මාලිංග

0
394

පැය දෙක තුනක් එක දිගට පන්දු යැවීමට තමන්ට හැකි බවත් කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වීමට නොහැකි නිසා තමන් නිවසට වී සිටින බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රසල් ආනල්ඩ් සහ නුවන් කුලසේකර සමග වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ මාලිංග කියා සිටින්නේ තමා පන්දු 24ක් යවන බවත් එයට ඕනෑම පිතිකරුවෙකු පැමිණ යාර තිහෙ සීමාවට ඉහළින් පන්දුව පතිත වෙන ලෙස හැකිනම් පහර දෙන ලෙසයි. එම අභියෝගය එල්ල කරන්නේ තමාට පන්දු යැවිය හැකි නිසා බව මාලිංග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here