මට කතාඅහන්න වෙලාවක් නැහැ හෙලිකොප්ටර්වලින් උඩ සිට බිමට සල්ලි හලනවා,කැමති කෙනෙක් අහුලගන්න

0
323
කැමති කෙනෙකුට අහුලාගෙන යන්නැයි හෙලිකොප්ටර් තුනකින් උඩ සිට සල්ලි බිමට දමන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ආපදා වන්දි බෙදා දීමේ ගැටළු සොයා බැලීම සදහා දෙනියායේදී පැවති හමුවක් අමතමිනි.
ආපදා වන්දි මුදල් බෙදා දීම හරි ආකාරයෙන් සිදුව නැති බවට චෝදනා කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
හෙලිකොප්ටර තුනක් ගෙන උඩ සිට බිමට එම මුදල් අතහැරයේ නම් කවුරුන් හෝ අහුලාගෙන ගොස් ගමේ ආර්ථිකයට එම මුදල එකතු වනු ඇති බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
ඇමති සාගල රත්නායක හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here