මඩකලපුවේ මහ වැස්සෙන් 12,000 කට පීඩා

0
384

මඩකලපුව දිස්ත්‍රික්කයට දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව නිසා ඊයේ වන විට පවුල් 2834 ක  10,000 න් පමණ දෙනකු බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.  එද උදෑසන වන විට එම සංඛ්‍යාව 12195ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කිරාන් තොප්පිල ප්‍රධාන මාර්ගය  ජයලයෙන් යටවීමෙන් පූලාක්කාඩු, මුරුත්තානෙයි, කෝරාවලි, ඩමුනෙයි, ඌත්තුචේනෙයි, තිහිලිවෙට්ටෙයි පේරිල්ලාලෙ සහ කුඩුම්බිමලෙයි යන ග්‍රාමසේවා වසම්වල  පවුල්  2135 ක   පුද්ගලයෝ 7564 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

කිරාන් පුලිපායින්දකල් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයන් බෝට්ටු මගින් ගොස් සහන සැලසීම අරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here