මතභේදාත්මක චීන කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවයි

0
364

ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් රට තුළ ඇති කළ චීන කාබනික පොහොර තොගය මෙරටට ගෙන ඒම නතර කර දමන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

චීනයෙන් ගෙන ඒමට සැලසුම් කළ කාබනික පොහොර තොගයට අදාළව දෙවැනි සාම්පලයේ ද පැහැදිලිවම ව්‍යාධිජනකයින් සිටින බවට තහවුරු වීම මත අදාල පොහොර තොගය ඒම නතර කර දමන බව හෙතෙම කීය.

මහ කන්නයේ වගාව සඳහා ගොවි ජනතාවට කඩිනමින් ලබාදීම පිණිස කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම් කළ ද අදාල පොහොර තොගය ව්‍යාධිජනකයින් සහිත වීම මත ශාක ආරක්ෂණ පනත ට පටහැනිව කටයුතු කළ නොහැකි වීමත් රට තුළට ව්‍යාධිජනකයින් ඇතුලත් කර ගනිමින් හානිකර පරිසර තත්වයන් ඇතිවීම වළක්වාලීම හේතුවෙන් මෙලෙස පොහොර තොගය ගෙන ඒම නතර කර දැමූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here