Thursday, September 19, 2024

මත්තල එයාර්පෝර්ට් නොමිලේ..!!!

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන aසියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම ගාස්තු මෙසේ නිදහස් කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා සහ ගුවන් මගින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස යයිද ඇමතිවරයා කීය.

මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලයන් එයාර්,යුක්රේන් එයාර් ලයින්,ඉන්ඩිගෝ,එයාර් ඉන්ඩියා,එයාර් විස්තාරා,සලාම් එයාර්, එම්රේට්ස් සහ මෝල්ඩිවියන් එයාර් යන ගුවන් සමාගම් සමග සාකච්ඡා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ගුවන් සමාගම් අටක් මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා එවීම අරඹා ඇති බවත් රණතුංග මහතා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles