මත්ද්‍රව්‍ය ජාවාරමට හා උණ්ඩියෙල් ජාවාරමට සම්බන්ධ ඇමතිවරයෙක් ගැන මහ බැංකු අධිපති අදහස් දක්වයි

0
392

උන්ඩියල් මුදල් ජාවාරම කරගෙන යාමට ඉඩ දිය යුතු යයි එක්තරා ඇමතිවරයෙක් කියා ඇති බවත් එහි තේරුම එම ඇමතිවරයාද ඒ ජාවාරමට සම්බන්ධ වීම විය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පළ කර ඇත.


“මේ මුදල් රට තුළට ඇවිත් නැහැ කියන එක තමයි මම කිව්වේ. වෙන තැනකින් ජාවාරම්කරුවන් විසින් මේ මුදල් අරගෙන තියෙනවා. ඒ මුදල්වලට සමාන්තරව රට තුළ මුදල් ගෙවීමක් සිදු කරලා තියෙනවා. රට තුළට විදේශ විනිමය නොපැමිණ, මේ තරම් විශාල මුදලක් රට තුළින් ගෙවන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා හිතනකොට මේ කාරණය පැහැදිලි වෙනවා. සාමාන්‍ය ව්‍යාපාරයක් හරහා මෙතරම් මුදලක් හුවමාරු වෙන්නේ නැහැ.


ඩොලර් මිලියන තුන්සීයක් වෙනුවෙන් ඩොලරයකට රුපියල් දෙසීය හතළිහ බැගින් ගෙව්වත් රුපියල් කෝටි හත්දාස් දෙසීයක් උත්පාදනය කරන්න පුළුවන් එකම ව්‍යාපාරය තමයි මත්ද්‍රව්‍ය. මම දැක්කා එක ඇමැතිවරයෙක් කියනවා මේක කරගෙන යන්න ඉඩදෙන්න ඕනේ කියලා. ඒකෙන් තේරෙන්නේ එයත් මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා. නැති නම් ඒකට උපකාර කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here