Sunday, September 22, 2024

මත්ද්‍රව්‍ය නිවාරණය ලාංකේය සංස්කෘතියට ගැළපිය යුතුයි

මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා නිවාරණ වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවත් එය ශ්‍රී ලාංකීක සංස්කෘතියට ගැළපෙන ක්‍රමවේදයක් විය යුතු බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය‍.
අද (09) පැවති අන්තර් ජාතික මාධක පාලක මණ්ඩලයේ 2016 වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
එසේම මෙම මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම නිවාරණ ක්‍රම භාවිතා වීම තුළින් පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සඳහා සමාජ සහය හා සහභාගීත්වය අවශ්‍ය බව ද රජය මේ වන විට ඒ සඳහා අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. ‍
අන්තර් ජාතික මාදක පාලක මණ්ඩලය (International Narcotic Control Board – INCB) යනු එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ඖෂධ පාලන සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ස්වාධීන අධීක්ෂණ ආයතනයක් වේ.
අන්තර් ජාතික මාදක පාලක මණ්ඩලය 1961 දී මාධක ඖෂධ පිළිබඳ සම්මුතිය, 1971 මනෝවර්තක ද්‍රව්‍ය පිළිබඳ සම්මුතිය හා 1988 වසරේ මාධක ඖෂධ හා මනෝවර්තක ද්‍රව්‍ය නීති විරෝධීව ඡාවාරම් කිරීමට එරෙහි සම්මුතිය හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම උදෙසා රාජ්‍යයන් සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කරන ලබන ආයතනයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles