මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් සහ පිටරටින් ආනයනය කරන්නා වූ මත්පැන් බෝතල් ප්‍රමාණය මසකට මිලියන 32ක් පමණ වේ. ඒ රටේ සෑම පුරවැසිබයකුම වසරකට ලීටර 4.1 ( 2018 වාර්තා වලට අනුව) එක් වසරකට ලීටර මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව භාවිතය කරයි.
මෙම මිලියන 32 ,බීර, කාල,භාගය සහ බෝතල් වශෙයන් වෙන් කර ඇත. මීට අමතරව අනවරෙයෙන් පෙරන මත්පැන් ලීටර මිලියන ගණනාවක් වසරකට භාවිතා කරයි. මෙම බෝතල් මිලියන 32 ක මත්පැන් නිෂ්පාදනා ආයතන 53ක් හරහා බෙදී ගොස් ඇත. මෙම ආයතන මගින් කරන්නා වූ බදු වංචා සලකා මෙම ව්‍යාජ මත්පැන් බෝතල් හදුනාගැනීබේ සහ අවසරලත් මත්පැන් බෝතල් ලේබල් මගින් හදුනාගැනීබේ ක්‍රමවේදය සදහා 2016 දී ටෙන්ඩර් කැදවන ලදී.
මෙහිදී කිසිදු මුද්‍රණ සමාගමකට මෙම ටෙන්ඩර ලබාගත නොහැකි පරිදි පිරිවිතරයන් සැකසීමට කටයුතු යොදා තිබුණි.
මේ ජාත්‍යන්තර මුද්‍රණ ආයතන හරහා අපේ රටේ මුද්‍රණ කර්මාන්තය බිද දැමීමට ගත් උත්සාහයක් නොවේද?
මෙම ලේබල් මුද්‍රණය කිරීමට ඉන්දියානු සමගම තෝරාගැනීම තුළ දේශීය මුද්‍රණ කමතාන්තය බාල්දුවට ලක් කිරීමක් නොවේද?
අප රටෙහි ඉහළ ප්‍රමිතියේ මුද්‍රණ කටයුතු වල නියලී සිටින්නා වූ දේශීය මුද්‍රණකරුවන් කොතෙකුත් ඇත. මෙම ගින් රටේ මුදල් ඉන්දියාව කරා ගලා යන අතර වසරකට අවමය බිලියන 2 කට අසන්න මුදලක් වෙනත් රටකට ගලායන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවක මහතුන් පවසයි.
,මෙම මුද්‍රණකරුවන්ට එවැනි යන්ත්‍ර නොමැතිනම් එම යන්ත්‍ර මිලදීගෙන මෙවැනි රහස්‍ය බව සුරකින ලේබල් මුද්‍රණය කිරීම ඇරඹීම හරහා රජයට විශාල ලාභයක් උපයාගත හැකිය. යහපාලන රජය කැදැවූ සියලු ටෙන්ඩර් අහෝසි කළ අතර මෙය පමණක් ඉතිරි කරේ ඇයිදැයි ප්‍රශ්නාර්තයකි. රජයක් ලෙස දේශීය නිෂ්පාදකයන් දිරිගන්වන බව කිව්වත් මෙවැනි දේ කිරීම සාධාරණද? එමෙන්ම ලංකාවේ ඉතාම දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන් විදෙස් ආයතන සදහා සේවා සපයමින් සිටිති. එවැන්නන් මෙවැනි කටයුතු වලට යොදාගන්නා බව ජනාධිපතිවරයා වරක් පැවසීය. ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ මෘදුකාංගය සැකසීම ඉන්දියාවට ලබාදීම හරහා ජාතික ආරක්ෂාව පවා තර්ජනයට ලක්වේ. මෙරට දේ රැකගන්නවා වෙනුවට විකිණීම හරිද?