Tuesday, September 24, 2024

නිමි ඇඳුම්වල සහ මත්පැන්වල මිලත් ඉහළ දමයි

අද සිට මත්පැන් මිල ඉහළ දමන බවට මත්පැන් සමාගම් විසින් මිල දර්ශකයක් නිකුත් කර තිබෙනවා.

මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිළ අද සිට ඉහළ දැමීමට දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත් කරන

⭕ මි.ලී 750 මත්පැන් බෝතලයක් රුපියල් 100කින්
⭕ මි.ලි.375(භාගෙ) රුපියල් 60කින්
⭕ මි.ලී. 180(කාල) රුපියල් 30කින්

ඉහළ දැමේ.දේශීයව නිෂ්පාදිත සෑම බීර ⁣වර්ගයක ඇසුරුමක මිළ රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. නිශ්පාදන පිරිවැය ඉහළ යාම මෙලෙස මිල ඉහල යාමට හේතුවයි.

එම මිල දර්ශන පහත දැක්වේ.

මෙි අතර අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සියලුම නිමි ඇඳුම් මිල 30–31%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස මෙතෙක් නැව් සමාගම් අය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට එය රුපියල් ලක්ෂ දහයකට ආසන්න වී තිබෙන බව එම සංගමය පවසයි.

භාණ්ඩයක් වශයෙන් ගෙන්වීමේදී වර්ග අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000කට ආසන්න වී තිබෙන බවද ඔවුන් සඳහන් කරයි.

පවතින තත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් මේ හේතුව නිසා දහස් ගණනකට රැකියා අහිමි වෙමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles