මත්පැන් හා සහ සිගරට් මිල ඉහළට

0
388

ඉදිරි දින කිහිපයේදී මත්පැන් සහ සිගරට් මිල ගණන් ඉහළ යනු ඇති බව වාර්තා වනවා. ඒ, තෝරාගත් භාණ්ඩ හා සේවාවන් ගණනාවක් වෙනුවෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට රජය තීරණය කරනු ලැබීමත් සමගයි.

එයට අදාළව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය ලැබුවා.

මෙම නව බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් දැනට පනවා තිබෙන (වැට්) බද්ද ඉවත් කෙරේ. නව බද්ද අයකළ පසු එය නැවත පියවීමේ ක්‍රමයද ඒ සමඟ අහෝසි වෙයි.

මත්පැන්, සිගරට්, සූදු ක්‍රීඩා, කැසිනෝ ආදී භාණ්ඩ හා සේවා රැසක් වෙනුවෙන් මෙම බද්ද ක්‍රියාත්මක කෙරේ. ඒවා සඳහා පැනවෙන බදු ප්‍රතිශත රජය මෙතෙක් තීරණය කර නොමැත. අදාළ නීති කෙටුම්පත මැතිසබයේදී පනතක් ලෙස කඩිනමින් සම්මත කරගෙන නව බද්ද ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here