Monday, September 23, 2024

මත් රකුසා ආයු අඩු කරයි

මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට ප්‍රධාන සාධකයක් වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය කීවේය.

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය මේ බව සඳහන් කළාය.

මද්‍යසාර භාවිතය හේතුවෙන් දිළිඳුබව ඇති වීම, කාන්තාවන් හිංසනයට ලක්වීම, සියදිවි නසාගැනීම, ආදී කරුණු සඳහා හේතුවන බවත් මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කළ යුතු යැයි ද ඇය පෙන්වා දුන්නාය. අනතුරුවලින් පහෙන් එකක් මද්‍යසාර භාවිතය නිසා සිදුවන අනතුරු බව ද වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles