Sunday, September 22, 2024

මුතුරාජවෙල ඉඩමෙන් භූමි කොටසක් තවත් සංවර්ධන අඩිතාලමකට වෙන් කෙරේ

මෙරට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 40ක භූමි ප්‍රදේශයක් මුහුදු වැලි පොම්ප කර සංවර්ධනය කර තිබෙනවා. එකී ඉඩමෙන් ඉඩම් කොටස් ගණනාවක් ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා රජයේ සහ පෞද්ගලික ආයෝජකයින් වෙත පවරා දී ඇති බව සඳහන්ය.

ශීතාගාර පහසුකම් සඳහා එකී ඉඩමෙන් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස ඉමර්ජන්ට් කෝල්ඩ් නමැති පෞද්ගලික සමාගමක් විසින් ඉල්ලීමක් කර ඇති අතර, එම ආයතනය අදාළ ඉඩම් කොටස ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වැනි වගන්තිය යටතේ මූලික සුදුසුකම් සපු‍රා ඇති බවට හඳුනාගෙන ඇති බවට දැනුම් දී ඇත.

ඒ අනුව අක්කර 04 රූඩි 02ක් වූ ඉඩම් කොටසක් වසර 30ක කාලයක් සඳහා දිගු කාලීන බදු පදනම මත එකී සමාගම වෙත ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles