Saturday, September 21, 2024

මත මඬින වැඩසටහන් ළබන වසරේ නව මුහුණුවරකින් – ජනපති

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ලබන වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මත්ද්‍රව්‍ය  උවදුරෙන් තරුණ පරපුර මුදාගැනීම සඳහා සියලුදෙනාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කළ හැකි සෑම කාර්යයක්ම රජය නිසිලෙස ඉටුකරන බව කියා සිටියේය.

පුත්තලම ආනන්ද ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ 7 වන අදියරට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මතින් වැළකී සිටීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

එම කටයුතු සඳහා පළමු ආදර්ශය දේශපාලනඥයින්ගෙන් ලැබිය යුතු බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නිලධාරීන් සහ සියලු ජනතාව ඒ සමග සක්‍රීයව දායක විය යුතු බව පෙන්වා දුන්නේය.

මෙරට ජනගහනයෙන් 45000ක් පමණ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති අතර සෞඛ්‍යය අමාත්‍යංශයේ දත්තවලට අනුව මෙරට දුම්පානය කරන්නන්ගෙන් සියයට 3ක් පාසල් ළමුන් බව සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles