Sunday, January 12, 2025

මද්දුමබණ්ඩාර පැහැදිලි කරයි..


වරාය නගරය පිළිබඳව පනත ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තමා සතු බහුතර බලය භාවිතා කොට ජයග්‍රහණය කොට තිබේ. එය ජනතාවගේ ජයග්‍රණයක් නොව ගජමිතුරු දේශපාලනයේ, ගජමිතුරු ආර්ථිකයේ ජයග්‍රහනයකි.

පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩුවේ හැසිරීම උද්දච්කම අපුරුවට පැහැදිලි කල අවස්ථාවකි. පණතට අදාළව විපක්ෂය ඉදිරිපත් කල සංශෝධන අධිකරණ ඇමතිවරයා ප්‍රතික්ෂේප කල උඩගු ස්වරූපය පෙන්නුම් කලේ අපරනිත බව මෙන්ම බලයෙන් මත්වීමයි.
වරාය නගරයේ පණතට කතානායකතුමා අත්සන් කොට සහතිකය ලබාදිමට පෙර 21 වනදාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ වරාය නගරයේ ව්‍යපෘති සමාගමක් වන CHEC Port City Colombo හි කළමණාකාර අධ්‍යක්ෂ ජියැං හවිලියැං (Jiang Houliang) කොළඹ වරාය නගරයෙන් දේශිය හා විදේශීය සමාගම්වලට ආයෝජන අවස්ථාවන් විවර කරන බව කියා සිටි .

වරාය නගරය පණත පිලිබදව සමගි ජන බලවේගය මුල සිටම පෙන්වා දුන් ස්ථාවරය වුයේ මෙම පණත මගින් උත්සාහ දරනුයේ ශ්‍රී ලංකා රජයට වග නොකියන ආයතනික ව්‍යුහයක් ගොඩනැගීම බවයි.

මෙම පණතේ බිහිසුණු බව අධිකරණ ක්‍රියාදාමය තුලින් අවම කලද අනතුර තවම පහව ගොස් නොමැති බව මෙම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙයි.
වරාය නගරය පිලිබදව කොමිසමට සාමාජිකයන් පත්කිරිමද නොකර තිබියදී කොමිසම බලාත්මක කිරිමට කතානායක අත්සන හෝ තබා නොමැති අවස්ථාවක චින සමාගමක් ආයෝජකයින් කැදවීමට මාධ්‍ය නිවේදන නිකුත් කිරිමේ යටිපෙල නිවරැදිව තේරුම් ගැනීම අතිශය වැදගත්ය.

මේ මොහොතේ අප දකින්නේ කඩි මුඩියේ ආයෝජකයින් කැඳවීමට උත්සහ දරණ ආණ්ඩු පාර්ශවයේ මාධ්‍ය සාකච්චායි. ඒවාට සහභාගී වන්නන් වරාය නගර පනත පිළිබඳව මෙම තීරණයට ඉත සිතින්ම දායකත්වය දැරූ පිරිසයි.

මේ මොහොතේ රට අත්විදින ඛේදවාචකය කුමක්ද වරෙක මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කළ ලෙසටම “වහල් භාවය යනු පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට හෙලා ඇති විට පවා ඔබ විසින් පාලකයින්ගේ ගුණ ගායනා කිරීමයි”. යන ප්‍රකාශය යතාර්ථයක් බවට පත් කරන පිරිසකගේ ක්‍රියා කළාපය තුලින් රට අනතුරේ හෙලීමයි

වරාය නගරයේ මෙහෙවීම පාර්ලිමේන්තුවට වගකියන පුර්ණ කොමිසමක් බවට පත් කිරිමට සමගි ජන බලවේගය දිගින් දිගටම කටයුතු කරන බව අවධාරණය කරමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles