Thursday, January 16, 2025

මධ්‍යම අධිවේගයේ බැඳුම්කරය වගේ කෝටි 16, 440 ක දස ගුණයක ගැහිල්ලක් – දූෂණ විරෝධී හඬ

  • කෆීර් යානා අලූත්වැඩියාවෙනුත් මහා වංචාවක්
  • හම්බන්තොට වරායට වැයවූ මුදලටත් වැඩියි
  • බැඳුම්කර වංචාව මෙන් දහගුණයක්
  • අතිසුඛෝපභෝගී වාහන ජාවාරමක්
    මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට්ටුවත් නොමග යවලා

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440 ක මුදල් වංචාවක් සිදු කිරීමට පිඹුරුපත් සකස් කර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ 20 දා අනාවරණය කළේය.

මෙම කිලෝ මීටර් 20 ඉදිකිරීමට කටයුතු කළහොත් හම්බන්තොට වරාය සහ නෙළුම් කුලූන ඉදිකිරීමට වැයවූ මුදලට සමාන බවද දෙහිවල නගර සභා පටුමගේ පිහිටි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

එය මෙරට මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් අධික වංචාවක් බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෙම ගලගෙදර – රඹුක්කන අධිවේගී මාර්ග කොටසට ලංසු කැඳවා ඇති සමාගම් දෙකක් වන්නේ චීන සමාගමක් වන මෙටලර්ජිකල් කෝපරේෂන් (MCC) හා ලංකා යටිතල පහසුකම් සංවර්ධන සමූහය (LIDC) යන සමාගම් දෙක වන අතර අදාළ චීන සමාගම එයින් ගලවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගනුදෙනුවට අනුමැතිය දී ඇත්තේ CAMC ආයතනය වන අතර ටෙන්ඩරයට අදාළ ලංසු කැඳවීම හා අනිකුත් කොන්ත්‍රාත් කටයුතු පිළිබඳ පසුගියදා කළ අධීක්ෂණයකට අනුව අදාළ ටෙන්ඩරය චීන සමාගමට දීමට කටයුතු යොදා ඇත්තේ ඩොලර් මිලියන 1050කට වන නමුත් එය ලංකාවේ සමාගමට ඩොලර් මිලියන 1872 (කිලෝමීටරයක් ඩොලර් මිලියන 92ක) මුදලකට ලබා දීමට එකඟ වී ඇති බව අනාවරණය වී තිබෙන බවත් එතැනදී ඩොලර් මිලියන 822ක ප්‍රබල වංචාවක් සිදු වන බවත් ඒ මහතා අනාවරණය කළේය.
කෙසේ නමුත් මෙවැනි ගනුදෙනුවකදී යම් සමාගමක ටෙන්ඩරයක් අහෝසි කිරීමේ බලය ඇති වුවත් මීට අදාළ විවෘත ටෙන්ඩර් කැඳවීමක් අනිවාර්යයෙන් කළයුතු බවද ඔහු කීය.

ඉහත කී CAMC ආයතනය විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව නීතිපතිට ඉදිරිපත් කරන්න නියෝග කර ඇති නමුත් එය එසේ නොකොට අධිවේගී මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා හැර අනෙක් නිලධාරීන් එම ආයතනයෙන් ඉවත් කරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙය හරියට අවසන් භෝජන සංග්‍රහය වැනි දැවැන්ත හූරාකෑමක් බවත් මින් භාණ්ඩාගාරයේ විදේශ සංචිත සියල්ල ඉවර වන බවත් පැවැසූ සමරසිංහ මහතා පෙන්වා දුන්නේ මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු වන අතර ඔහු විසින් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේද නාසය විද ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි 27 වැනිදා සිදුකර 2022 පෙබරවාරි 27 ආසන්න වන විට වසර හතක් ගතවන විට මහ බැංකු වංචාව මෙන් දසගුණයකටත් වඩා වංචාවක් කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හරහා සිදුවන බවද ඒ මහතා කීයග වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

“මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළාග ඒ සඳහා චීන සමාගමක් සහ ලංකාවේ කොන්ත‍්‍රාත් සමාගම් ඒකාබද්ධව සකස් කළ සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කළාග මේ ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් පසුවිපරම් කර චීන සමාගම ඉවත් කර තිබෙනවා.

චීන සමාගම කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1050 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙන විට මෙරට සමාගම ඩොලර් මිලියන 1872 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවාග චීන සමාගමට වඩා ඩොලර් මිලියන 822 ක් වැඩියිග සාමාන්‍යයෙන් මෙරට සමාගමක් ටෙන්ඩරයට ඉදිරිපත් වීමේදී විදෙස් සමාගමකට වඩා අඩු මුදලක් ඉදිරිපත් කරන්නේ.

අඩු මුදලක් ඉදිරිපත් කර තිබෙන චීන සමාගම ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ පළපුරුදු ආයතනයක් වුවත් එම සමාගම ප‍්‍රතික්‍ෂේප කර මෙරට සමාගමට ටෙන්ඩරය දීම නිසා ඩොලරය රුපියල් 200 ක් ලෙස ගණනය කළහොත් රුපියල් කෝටි 16ල440 කට අධික වෙනවාග ඒ කියන්නේ රුපියල් බිලියන 164 ක්ග හම්බන්තොට වරාය ඉදිකිරීමටත් වැයවුණේ රුපියල් බිලියන 145 යි.

මෙරට සමාගමට අනුමැතිය ලබා ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව කැබිනට් පති‍්‍රකාව නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යනවාග අඩුම ගානේ මෙම ටෙන්ඩරය ලබාදීමේදී නීතිපතිවරයාගෙන්වත් උපදෙස් ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවාග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවේ මෙය රුපියල් බිලියන 82 කින් කරනවයි කියලා තියෙනවා.

ඒ වගේම තමයි ලැම්බෝගිනිල රෝල්ස් රෝයි වැනි වාහන ජාවාරමකද තොරතුරු ලැබී තිබෙනවාග මේ අතිසුඛෝපභෝගී වාහන ජාවාරමට එම වාහනවල කොටස් කිහිපයක් මෙරටට ගෙන්වා ගන්නවාග ඊළඟට එම වාහනවල ඉතිරි කොටස් ටික ගෙන්වා වරායේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනවාග පසුව එම කොටස් ටෙන්ඩර් කැඳවා අලෙවි කරනවාග හැබැයි ඒ කොටස් මිලදී ගන්න පුළුවන් ඊට අවශ්‍ය අමතර කොටස් ළඟ තිබෙන අයට පමණයි.

මේ මොකක්ද කරන්නේ? දේශපාලන ප‍්‍රබලයන් මැදිහත්වී කොටස් මුලින් ගෙන්වා පසුව රාජසන්තක කරන කොටස් ටික ටෙන්ඩර් මගින් මිලදී ගැනීමයිග මෙම කොටස් එකතු කර වාහනය පසුව සකස් කර භාවිතයට ගන්නවා ඇතිග මේකෙන් සිදුවන්නේ මේ සුඛෝපභෝගී වාහන නීත්‍යනුකූලව ගෙන්වීමේදී රජයට අය වන බදු මුදලද අහිමිවී යෑමයි.

එල්ටීටීඊය පරාජය කිරීමට යොදා ගත් කෆීර් යානා පහක් අලූත්වැඩියා කිරීමට උත්සාහ කරනවාග මේ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 122 ක් වැය කිරීමට සැලසුම් කර ඊශ‍්‍රායල් සමාගමකට මේ වන විටත් ඇමරිකන් ඩොලර් මිලියන 07 කට වැඩි මුදලක් ගෙවා තිබෙනව.

මේ කෆීර් යානාවලට අවුරුදු 35 ක් 40 ක් වෙනවාග මේවා අලූත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 52 ක් වැය වන බවට ප‍්‍රකාශ කර තිබෙනවාග නමුත් ඊශ‍්‍රායලයෙන් අලූත්වැඩියා කර මෙරටට ගෙන එන කොටස් එකලස් කරන්න ඩොලර් මිලියන 62 ක් වැය කරනවාග මේ කෆීර් කොටස් ගැලවීම සඳහා ඊශ‍්‍රායල් රටේ ඉංජිනේරුවන් තිදෙනා බැගින් කොටස් වශයෙන් මෙරට පැමිණ කටයුතු කළත් ඔවුන් සමග මෙරට ගුවන් ඉංජිනේරුවන් 150 ක් පමණ සේවය කරනවාග මෙරට නිලධාරීන් සඳහා වැය වන ගෙවීම් පිළිබඳව නිවැරදිව සටහන්ව නැහැග ඒ නිසා මේ අලූත්වැඩියා කිරීම හරහා ඩොලර් මිලිය 60 ක අක‍්‍රමිකතාවයක් සිදුවන බවට පෙනී යනවා.

වර්තමානය වන විට කෆීර් යානයක් ඩොලර් මිලියන 35-40 වැනි මිලකට ගන්න පුළුවන්ග එහෙම බැලූවම මේ පැරණි කෆීර් යානා අලූත්වැඩයා කරනවට වඩා ලාබයි අලූත් කෆීර් 03 ක් 04 ක් මිලට ගැනීම.

මේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සියලූම ලිපි ලේඛන දූෂණ විරෝධී හඬ සංවිධානයට ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී අල්ලස් හෝ දූෂණ කොමිසමටත් අධිකරණය හමුවටත් යෑමට අපි කටයුතු කරමින් සිටිනවා යැයිද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මාර්ග දෙකක් ඉදිකරන මුදල් එක් මාර්ගයක් වෙනුවෙන් වියදම් කිරීමට ඩොලර් නෑ කියන රටේ මුදල් තිබෙන්නේ කොහේද යන්න සමරසිංහ මහතා ප්‍රශ්න කළේය.
මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා අතර ඉදිරි දින කිහිපය තුළ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

දිවයින – චමින්ද සිල්වා

මව්බිම – අනුරාධා හේරත්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles