මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුම පළමු දින තුන ඇතුළත ලක්ෂ 100ක අදායමක් උපයයි

0
335

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටසේ වාහන පනස් දහසක් ( 50,000 ) ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ සියයක( ලක්ෂ 100 ) ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

පසුගිය සෙනසුරාදා (15) දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.


ඉරිදා (16) දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි.


එම ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා (17) මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039 ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර එය මෙම දින තුන (03) තුළ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව වේ. එදින රු 4,865,500.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ්ය.


මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here