ඖෂධ වර්ග 48ක මිල අඩු කෙරෙන ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු අදාල ඖෂධ වර්ගවල මිල අඩු වනු ඇති.
හෘද රෝගීන් සහ දියවැඩියා රෝගීන් විසින් භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 48ක් ඒ යටතේ පවතියි.