Sunday, September 22, 2024

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ හේතුවෙන් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටින බව ද රතන හිමියන් පවසති.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරන්නේ අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට මෙතෙක් තමන්ට දැනුවත් කිරීමක් සිදුවී නැති බවයි.

එසේ දැනුවත් කිරීමක් කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා මාසයක කාලයක් ඇති බවත් ඔහු පැවසීය.

එකී මාසයක කාලය ඇතුළත රතන හිමියන් අධිකරණ ක්‍රියාමාර්ගයට නොගතහොත් මන්ත්‍රීධුරය අහෝසි වන බව පැවසූ ඔහු අධිකරණ ක‍්‍රියාමාර්ග ගතහොත් එම නඩුව අවසන් වන තුරු රතන හිමියන් මන්ත්‍රී ධුරයේ රැඳී සිටින බවද ඔහු කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles