මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නැයි රතන හිමිට කියති

0
760

ස්වාධීන වීමට තීරණය කළේ නම් මධ්‍යම කාරක සභාවට පොරොන්දු වූ ආකාරයට මන්ත‍්‍රී ධුරයෙන්  ද ඉවත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ට ලිඛිතව දැන්වූ බව ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසුහ.

රතන හිමියන් ස්වාධිනව කටයුතු කිරිම ගැන කිසිදු විරෝධයක් නැති බවත්, ඒ හිමියන්ගේ ස්වාධීන වීම ගැන දැනුම්දුන් මාධ්‍ය සාකාච්ඡාව පැවැත්වූයේ පක්ෂය දැනුවත් නොකර බවත් විමලසාර හිමියෝ ප්‍රකාශ කළහ.

විමලසාර හිමියෝ මේ බව පැවසූයේ බත්තරමුල්ල ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here