Monday, September 23, 2024

මන්ත්‍රී ශ්‍රේණිගත කිරීමෙන් රනිලුත් අභිබවා අනුර මුල් තැනට..

ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තු නිරීක්ෂණ සේවාවන් ලබාදීමේ පුරෝගාමියා වන Manthri.lk විසින්, ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම. ඊයේ දිනයේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් කිහිපදෙනෙක් සහභාගී වී තිබුණා.

Manthri.lk යනු පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාවේ කටයුතු සම්බන්ධයෙන් විශ්ලේෂණයන් ලබාදීමත්, ඊට අමතරව පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමත් සිදුකරනා භාෂා තුනකින් සමන්විත වෙබ් අඩවියකි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාවේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආකාරය අනුව මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කර තිබේ. මේ අනුව මෙම ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. පාර්ලිමේන්තුවේ අඩුවෙන්ම වැඩිකරන මන්ත්‍රීවරයා වන්නේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී අමිත් තේනුක විදානගමගේ.

මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිපුර වැඩකරන මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles