මන්නාරමේ ගෑස් පිපිරීමකින් නිවසකට බරපතල හානි!

0
427

මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක ඊයේ (06) දහවල් ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීම හේතුවෙන් නිවස සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

කොට්ටෙයි ප්‍රදේශයේ තනිව ජීවත්වූ කාන්තාවක් සිටි නිවසක අදාල කාන්තාව විසින් මීට දින කිහිපයකට පෙර රැගෙන ගිය ගෑස් සිලින්ඩරයක් භාවිතා කොට අද උදෑසන ආහාර පිසීම සිදුකොට ඇති අතර පසුව දහවල් ආහාර පිසීමට ආසන්න වූ අවස්ථාවේදී ගෑස් ලිප එකවරම පුපුරා ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු පැවසූහ.

ගෑස් ලිප පිපීරීමත් සමග ලිපට සවිකරන ලද වයරයද පුපුරා යාමෙන් ඇති වූ ගෑස් කාන්දුවකින් ගිනිගැනීම සිදුව ඇති අතර ගින්න එකවරම පැතිරීම හේතුවෙන් කාන්තාවද එලියට පැමිණ උදව් ඉල්ලා කෑ ගසා ඇත.

පසුව ගින්න වේගයෙන් පැතිරීම හේතුවෙන් නිවස සම්පූරණයෙන්ම විනාශ වී ඇත.

නිවසේ සිටි කාන්තාව ගින්න නිවා දැමීමට ගත් උත්සහකදී ඇයද සිහිමුර්ජා වීම හේතුවෙන් මන්නාරම් රෝහලට ඇතුලත් කොට ඇත.

නිවස ගිනිගැනීමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කල නොහැකි අතරම ගෑස් ලිප පිපිරී සිදුවූ ගෑස් කාන්දුවකින්ද යන්න පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here