Thursday, January 16, 2025

මනුෂ සහ සරත් වීරසේකර අතර පාර්ලිමේන්තුවේ ගැටුමක්

සරත් වීරසේකර ඇමැතිවරයාට කොන්ද පන තිබේනම් ඇත්ත කියන්න ඉඩ ලබාදිය යුතු බවත්, ඔහුගේ අමාත්‍යාංශයේ ආයතන දෙකක් ගලවා ඇති බවත් ඉතිරි දෙකත් ඉදිරියේදී ගලවනු ඇති බවත් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

පොලීසියේ රථ වාහන පාලනය නව්‍යකරණය කිරීම හරහා වංචාවක් කරන බවට මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පසුගිය පාර්ලිමේන්තු සතියේදී පැවසූ අතර සරත් වීරසේකර ඇමැතිවරයා එයට අද දිනයේදී පිළිතුරු ලබාදුන්නේය.

ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා සරත් වීරසේකර ඇමැතිවරයාගේ ප‍්‍රකාශයට පිළිතුරු ලබාදීමට ඉදිරිපත්වූ අතර කතානායකවරයා එයට අවස්ථාව ලබාදුන්නේ නැත.

මනුෂ නානායක්කාර – මෙතුමා කතාවේදී මගේ නම හත් වතාවක් සදහන් කළා. මෙතුමා හොරකම් කළා කියලා මම කියන්නේ නෑ. මගේ නම කිව්වා.

සරත් වීරසේකර – එතුමාගේ චෝදනාවලට උත්තර දෙන්න තමයි මම නම කිව්වේ.

කතානායක – ඇමැතිවරයාගේ ප‍්‍රශ්ණයට උත්තර දෙන්න බෑ

මනුෂ – මේක වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක්. මම මේ කතාව අවසන් වුනාට පස්සේ අහංගම පොලීසටය, හබරාදුව පොලීසියට කතා කරලා මගේ වැරදි හොයන්න කියලා කිව්වා.

කතානායකවරයාගෙන් බාධා

ලක්ෂ්මන් කිරිඇල්ල – මෙතුමාගේ නම හත් වතාවක් කිව්වා. ඒකට අවස්ථාව දෙන්න ඔ්න

මනුෂ – කතානායකතුමාට අවශ්‍ය හොරු රකින්නද? පාර්ලිම්න්තුව තියෙන්නේ හොරු රකින්නද?

කතානායකතුමා බය නැතිනම් කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න ඉඩ දෙන්න. පොලීසි ගානේ ගිහින් අපි නවත්වන්න හැදුවට එහෙම අපේ කටවල් වහන්න බෑ.

ඇයි අපිට කතා කරන්න වෙලාව දෙන්නේ නැත්තේ. මෙතුමා කියපු බොරුවලට මට උත්තර දෙන්න ඔ්න. ඇත්්ත කතා කරනවාට ඇමැතිවරයා බයද? බය නැතිනම් කතා කරන්න ඉඩ දෙන්න. ඇයි බය නැතිනම් ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? බයයි

ඇමැතිතුමාගේ දෙකක් ගලවලා ඉවරයි. ඉතිරි දෙකත් ගලවාවි. ඇත්ත කියන්න ඉඩ දෙන්න. තමුන්නාන්සේ නිවරදි නම් ඉඩ දෙන්න. ඇයි බය?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles