Friday, January 10, 2025

මනූෂ – කංචන ගැටෙති, ජොන්ස්ටන් මනූෂට පහරදීමට එයි

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර හා ගාල්ල දිස්ත්‍රික්ක සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර අතර උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තුවෙදී ඇති වී තිබෙනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරගේ මැදිහත්වීමෙන් සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ලේඛන සහිතව කරුණු අනාවරණය කිරීමත් සමගම ⁣මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

මෙි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට පාර්ලිමේන්තු ලොබියේදී පහර දීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයේ දී මනූෂ නානායක්කාර මහතා අදහස් දක්වමින් සිටියදී පාර්ලිමේන්තු කාලය දිගු කළත් ඔහුගේ කතාවට සම්පූර්ණ කාලය කතානායකවරයා ලබා නොදීම සම්බන්ධයෙන් යම් උණුසුම් තත්වයක් ඇති වුනා. ඒ සම්බන්ධයෙන් අද දිනයේත් පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් වාතාවරණයක් ඇතිව තිබුණි.

මේ හේතුවෙන් අද දිනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ලොබියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පහර දීමට උත්සහ දරා ඇති බව වාර්තා වෙනවා.

මෙයට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වන්නේ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරගේ මැදිහත්වීමෙන් සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ලේඛන සහිතව කරුණු අනාවරණය කිරීමයි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසන් කිරීමට පෙර කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ ලොබිය දෙසට පැමිණ ‘‘වරෙන් මනූෂ… වරෙන්…මම උඹට ගහනවා’’යැයි අසභ්‍ය වචන භාවිතා කරමින් කෑ ගසා තිබෙනවා.ඒ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත‍්‍රීවරු කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා අසලට ගොස් ඔහු විපක්ෂයේ ලොබියෙන් පිටත් කර යැවීමට උත්සාහ ගත්තද ඔහු දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් සිටියේය.

ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා, කලහකාරී ලෙස හැසිරෙමින් සිටි කංචන විජේසේකර මන්ත‍්‍රිවරයා මගහරිමින් පාර්ලිමේන්තුවේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ ඇති බව වාර්තා වෙි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට තිබූ නියමිත කාලය ලබා නොදීම නිසා ඒ ගැන විමසීමට කතානායකවරයා අසලට ගිය විට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධානක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා කුණුහරුප කියමින් එතැනට පැමිණ තිබුණි. කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා තල්ලුකර දමා තිබුණි.

මේ ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විට නැගී සිටි කංචන විජේසේකර රාජය ඇමැතිවරයා පැවසුවේ තමන් ඊයේ දිනයේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහර දුන්නේ නම් අද දිනයේදී කතා කිරීමට මෙතැන නොසිටින බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles