මමත් ගොවියෙක් කාබනික වගාව මමත් නරලා තියනවා – චමල්

0
462

තමාද ගොවියෙකු බවත් තමන් කාබනික පොහොර යොදා වගාකර ඇති බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරයි. ඊයේ (01) පැවැත්වූ ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදලා වගා කරලා තියනවා. මේක අලුත් අයට අලුත් අත්දැකිමක්. ඉතිං මේක දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගන්න පුළුවන් වෙයි. පලමුවන කන්නය අස්වැන්න අඩු උනොත් සහතිකයක් දිල තියෙනව අලාභය රජය ගෙවනව කියල ඒකට බයවෙන්න දෙයක් නැ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා. කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක පැහැදිලියි.

සියලු දෙනාගෙම වගකිමක් වස විසෙන් තොර ආහාරයක් ජනතාවට ලබා දෙන්න. ඉතිං අපි බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න  අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා. දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා. මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා. මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්‍යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here