Friday, October 18, 2024

මම උසාවි එනවා

ධිකරණයට බරපතළ අපහාසයක්‌ සිදු කළා යෑයි කියමින් තමාට එරෙහිව ගොනු කර ඇති නඩුවට මුහුණදීමට තමන් සූදානම් බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (13 දා) ඉතාලියේ මිලානෝ නුවර සිට ‘දිවයින’ ට පැවැසීය.

අදාළ සිද්ධියට අනුව තමා එම ප්‍රකාශය කළේ පුද්ගලික මට්‌ටමින් නොවන බවත්, එය බහුතර ජනතාව නියෝජනය කරමින් පැවසූවක්‌ බවත් හෙතෙම අවධාරණය කළේය.

තමාට විරුද්ධව ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව ‘දිවයින’ ට විශේෂයෙන් අදහස්‌ දැක්‌වූ රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

අපේ රටේ දක්‍ෂ නීතිඥවරු සිටිනවා. නමුත් බහුතරයක්‌ වූ දූෂිත නීතිඥවරු නිසා රටේ අපරාධ ඉහළ ගොස්‌ තිබෙනවා. සමහර නීතිඥවරු අපරාධ කරන දූෂිතයින් බේරා ගැනීමට ඉදිරිපත් වෙනවා. මේ සිද්ධියේදී මම කතා කළේ සියලු දෙනා වෙනුවෙන්. මම ‘මුසාවාදා වේරමණී’ කියන පන්සිල්පදය කැඩුවේ නැහැ. මට විරුද්ධව තිබෙන මේ නඩුවේදී සුළුතරයක්‌ වන හොඳ නීතිඥවරු මා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම මම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්න කැමතියි මීට පස්‌සේ නීතිඥවරුන්ගෙන් සේවය ලබා ගැනීමට එන සේවාදායකයා වෙනුවෙන් රිසිට්‌පතක්‌ නිකුත් කරන්න කටයුතු කරන්න කියලා. එසේ වේ නම් එය බහුතරයක්‌ වෙනුවෙන් යහපත් ක්‍රියාවක්‌ වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles