Saturday, September 21, 2024

මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න – රාජ්‍ය ඇමති ලොහාන්

බන්ධනාගාරයට ඇතුල් වී තමන් සිදු කලේ යැයි පල කරන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරනවා.

බීබීසි සේවයට පිළිතුරු දෙමින් ඔහු සදහන් කර ඇත්තේ අමාත්‍යවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමට තමන්ට අයිතියක් තමන්ට ඇති බවයි.මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ සිරකරුවන්ගේ සුභසාධනය බැලීමට තමන් එහි ගිය බවත් කියන විදිහේ කිසි දෙයක් නොවුන බවත් සදහන් කරයි.

අනුරාධපුර බන්ධනාගාරයේදී ද්‍රවිඩ සිරකරුවන් දණගස්වා තර්ජනය කල බවට වන චෝදනා වට පිළිතුරු දෙමින් ඔහු සදහන් කරන්නේ “මම මොකටද තර්ජනය කරන්න යන්නේ එකට ඕනනම් වෙන අය ඉන්නවා නේ” යනුවෙනි.

කෙසේවෙතත් ඔහු තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව සදහන් කරයි.

Balaya News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles